ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු කර ඇති මැයි දින රැළියට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රෙස්න පවසයි. එබැවන් බියක් සැකයක් නැතිව මැයි දින රැළියට සහභාගී වන ලෙස ඔහු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මැයි දින රැලිය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීමට හේතු වී ඇත්තේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් මෙවර මැයි දින රැළියට සහභාගී වීමට යම් පසුබෑමක් පෙන්වීමය. පසුගිය වසරේ මැයි 09 වැනිදා ගාලුමුවදොර මැර ප්‍රහාරයක් සමඟ ඇති වු ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ට පවා දැඩි පීඩා එල්ල වූ අතර ඔවුන්ට විවිධ ප්‍රහාරවලට එල්ල වීමටද සිදුවිය. මෙම තත්ත්වය හෙතුවෙන් පක්ෂයේ පෙළපාලි වැනි කටයුතු සඳහා වෙනදා පැමිණෙන පිරිස් මෙවර මැයි දිනය රැලිය සඳහාද පැමිණීමට බියක් දක්වන බව ආසන සංවිධායකවරුන් පක්ෂ නාකත්වය වෙත දන්වා ඇති අතර ඔවුන්ට ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිළෙක් යොදන ලෙසද ඉල්ලීම් කර ඇත.
පක්ෂය මැයි දින රැලිය පැවත්වීම සහ පාක්ෂිකයන් හැකි තරම් පිරිසක් කැම්බල් පිරියට කැඳවා ගැනීමට අදාල සාකච්ඡාවක් අද (27) දිනයේදී පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.
ලංකාසර
