විනය පියවර ගන්නේ කාටද..- SJB තව අවුලක
විපක්ෂය අතහැර ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. ඊට හේතු වී ඇත්තේ දැනට අමාත්‍යධුර දරණ හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට මුලින්ම විනය පියවර ගත යුතු බවට පක්ෂ තුල සාකච්ඡාවක් නිර්මාණය වී තිබීමයි.
පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් එම පක්ෂය තුළ පැවති හමුවකදී මතභේදාත්මක තත්ත්වයක් ද ඇති ව තිබිණි.
මේ අනුව ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත අතර පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට විරුද්ධව විනය පියවර ගැනීමට කටයුතු කිරීමට ද එහිදී තීරණය වී ඇත.
විනය පියවර ගන්නේ කාටද..- SJB තව අවුලක
2023-04-15T12:15:00+05:30
Gossip Lanka Hot News






