gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිරු බලය උණුසුම්... SJB - JVP ගැටේ (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ලෙස කටයුතු කල කාලයක් තිබුණු යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

හිරු බලය වැඩසටහන දී මෙම ප්‍රකාශය කිරීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඊට සහභාගී වූ වසන්ත සමරසිංහ මහතා විරෝධය දක්වමින් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මනුෂ්‍ය ඝාතනය කර ඇති බවටත්, ත්‍රස්තවාදී කණ්ඩායමක් බවටත් කරන ලද ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බවය.

අජිත් පෙරේරා මහතා යළි කියා සිටියේ වෙනත් දේශපාලන පක්ෂය අතින් වැරදි අඩුපාඩු වූයේ රාජ්‍ය බලය දරන කාලයේ දී වුවත් ජනතා විමුක්ති පෙරමුණ මනුෂ්‍ය ඝාතනයන් සහිත ත්‍රස්තවාදී කටයුතු සිදු කළේ බලය නොමැති කාලයේදී බවයි.

1971 හා 1989 දී ජනතා විමුක්ති පෙරමුණ රට විනාශ කළේ රාජ්‍ය බලය නැතිව බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka