gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'අපේ ජන්ද අඩු වෙයි... ඒත් අපිව පහු කරල යන්න තරම් තරගකරුවෙක් නෑ' - සංජිව එදිරිමාන්

''අපේ ජන්ද අඩු වෙයි. ඒත් අපිව පහු කරල යන්න තරම් තරගකරුවෙක් මේ දේශපාලන භුමියේ නැහැ''

යයි පොහොට්ටු පක්ෂයේ මාධ්‍ය ලේකම්, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගම ආසන බලමණ්ඩල රැස්විම අමතමිනි.

සියඹලාපේවත්ත, ටැමරින්ඩ් උත්සව ශාලාවේ පැවති මෙම රැස්වීමට එම පක්ෂයේ බියගම ආසනයේ විශාල ක්‍රියාකාරී සාමජිකයින් පිරිසක් එක්ව සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න එහිදී තවදුරටත්  සඳහන් කළේය.

''බුදුහාමුදුරුවො මේ ලෝකෙට කියල දුන්න මුල්ම පාඩම කළගුණ සැළකීම. අපි හිතුවටත් වඩා මේ හෝල් එක පිරෙන්නම ඔබ මේ රැස්වීමට ආවෙ ඔබට කළගුණ මතක නිසා.. බියගම තමුන්නැහැලා මහින්ද මහත්තයව හැමදාම උඩින්ම දිනෙව්ව. පහුගිය ජනාධිපතිවරණයත් උඩින්ම දිනෙව්ව මහ ජන්දෙත් උඩින්ම දිනෙව්ව ...

දැන් කට්ටියක් අහනව ජවිපෙට රැල්ලක් තියෙනවා නේද කියල. දැන් තියෙන්නෙ පළාත් පාලන ජන්දෙට අදාලව මම මේ රැල්ල ඔබට  විග්‍රහ කරන්නම්. දැන් අපි මේ ඉන්නෙ බියගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ..අපි ගම්මු බියගම ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස අංක එක 2018 ප්‍රතිඵලය ..මගෙ අතේ කඩදාසි නෑ. ඒත් මම කියන්නම් හරියටම ..කොට්ඨාස අංක එක පහළ බියන්විල . අපේ අපේක්ෂකය ගත්ත ජන්ද 1861 ක්. ජේවීපී ය කීයද ගන්තෙ 201 යි.

මම පිළිගන්නව ජේවීපී යට අලුත් රැල්ලක් තියෙනවා කියල. අපි හිතමුකො ජේවීපී යෙ රැල්ල 100% කින් වැඩි වෙලා කියල .100% කින් වැඩි උණත් පහල බියන්විල ගන්නෙ ජන්ද 402 යි. බය වෙන්න එපා මේ රැල්ලට. අපි බියගම 2018 ප්‍රාදේශීය සභා ජන්දෙ දි ජන්ද 54000 ක් ගත්ත. රනිල් සජිත් දෙන්නම ඉද්දි එජාප ය 28000 යි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය 7000 යි, ජේවීපී ය 6000 යි.

ගිය පාර ජේවීපී යට අපි ළගට එන්න තියා සිරිසේන ජනාධිපතිතුමාගෙ ශ්‍රීලංකා නිදහස් පක්ෂය පහු කරන්නවත් බැරි උණා. අපේ ජන්ද අඩු වෙයි ඒත් අපිව පහු කරල යන්න තරම් තරගකරුවෙක් මේ බියගම නෑ.



''රැළි එනව. රැල්ල කියන්නෙ ඇවිල්ල යන එකකට මිසක් නතර වෙන එකකට නෙවෙයි . ඒ නිසා රැලි වලට බය වෙන්න එපා. මම කතාවක් කියන්නම්. දවසක්  වැසිකිළි ගිය මනුස්සයෙක් වතුර ප්‍රශ්නයක් නිසා වැල්ලට ගියාලු පශ්චාත් භාගය වොෂ් කරගන්න. මිනිහ ඈත ලොකු රැල්ලක් එනව දැකල පස්ස අතුල්ලන්න පටන් ගත්තලු. අයියෝ රැල්ල මගට ඇවිල්ල හැරිල ගියා. දැන් මොකද උණෙ. අන්තිමට පශ්චාත් භාගෙ තිබ්බ ඒව අතෙත් ගාගත්ත. අන්න ඒ මිනිහ වගේ රැල්ලට රැවටෙන්නෙ නැතුව අපි අපේ ගමන යමු..''



 බියගම ආසන බලමණ්ඩල රැස්විම සඳහා පක්ෂයෙ මහ ලේකම් නීතිඥ, සාගර කාරියවසම්, පක්ෂයෙ මාධ්‍ය ලේකම් කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජිව එදිරිමාන්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, තිස්ස කුටිටිආරච්චි, ගම්පහ දිස්ත්‍රික්කයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු මන්ත්‍රිවරුන් ද හා බියගම ආසනයෙ සියඑම ග්‍රාමසේවා වසම්වල පිහිටුවා ඇති ප්‍රධාන ශාඛා, තරුණ, කාන්තා, සමිතිවල ප්‍රධාන නිලධාරී සියඑම දෙනා එක්ව සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka