gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දූෂිතයන්ට මගේ ආසනයේ ඉඩක් නෑ... ආණමඩුවට දාපු අලුත් OIC හරවලා යැව්වේ මමයි - රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ප්‍රසිද්ධියේම කියයි

ආනමඩුවට පොලිස් ස්ථානාධිපති ලෙස පත් කෙරුණු නිලධාරියාට සිය විරෝධය පළ කර එරෙහි වූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

මෙම සිද්ධිය රාජ්‍ය අමාත්‍යවරයාගේ නම සඳහන් කිරීමෙන් තොරව පුවත්පත් ද වාර්තා කර තිබුණි.

පුවත්පත් වාර්තා කර තිබුණේ ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබූ මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ පත්වීම පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයකුගේ මැදිහත්වීමෙන් අත්හිටුවා ඇති බවය.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය,

“ඒ සඳහා අලුත් නිලධාරියෙක් පත්කරලා එවලා තියෙනවා. ඔහු මීට පෙර මාදම්පේ පොලිස් OIC කරලා ඔහුට අක්‍රමිකතා සහ දූෂණ එල්ල වෙලා ඔහු වැරදිකාරයා වෙලා තමයි පිටත් කළේ. ඔහු මගේ ආසනයට එවපු එකටයි මම විරුද්ධ වුණේ ඒ සම්බන්ධයෙන් මම ලිඛිතව දැනුම් දුන්නා. ස්ථානාධිපති පත්කිරීමේදී අපි බලපෑම් කරන්නේ නැහැ. හැබැයි දූෂිතයින්ට මගේ ආසනයට එන්න දෙන්නේ නැහැ”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka