gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පවුල් දෙකක ආරවුලකදී අවුරුදු 21ක තරුණියකගේ අතක් වෙන්වෙන්නම මන්නයකින් කොටයි! වෙන්වුණු අත පැය 4ක අසීරු සැත්කමකින් පසු දොස්තරවරු සාර්ථකව බද්ධ කරයි (VIDEO)

ශරීරයෙන් වෙන් වූ අතක් සාර්ථකව බද්ධ කිරීමට කෑගල්ල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ. ඥාති පවුල් දෙකක් අතර ඊයේ(04) ඇතිවූ ගැටුමකදී පුද්ගලයෙකු මන්නයකින් පහර දීම හේතුවෙන් 21 හැවිරිදි තරුණියෙකුගේ වම් අත වෙන්වී ඇත.

අතෙහි වෙන්වූ කොටස, අයිස් යෙදූ කවරයක බහා ගෙනැවිත් ඇති අතර මධ්‍යම රාත්‍රියේ පැය 4 ක පමණ කාලයක් මෙම සැත්කම සිදුකර තිබේ.

සාර්ථකව ශල්‍යකර්මය නිම කිරීමෙන් අනතුරව, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ තරුණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තාවෙයි.

නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය මෙන්ම සෞඛ්‍ය සහායක කණ්ඩායම් හා ලේ බැංකුව වැනි විශාල පිරිසකගේ සහාය මීට ලැබී තිබේ.

“කාර්යමණ්ඩලයේ සහයෝගය නිසා තරුණියගෙ ජීවිතයත් අතත් බේරගන්න හැකි වුණා.” – විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka