gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දේ පෙන්වා අවුරුදු තෑගි පාර්සල් දීලා – මහින්දානන්ද කළ වැඩක් හෙළි වෙයි

නාවලපිටිය නගර සභාවේ සේවකයින්ට රතු කුරුස සංවිධානයේ අනුග්‍රහයෙන් බෙදා දුන් අවුරුදු තෑගි පාර්සල් මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කල දෙයක් බව සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ සභාපති අපේක්ෂක සසංක සම්පත් සංජිව මහතා චෝදනා කර සිටිනවා.

සසංක සම්පත් සංජිව මහතා නාවලපිටිය සමගි ජන බලවේග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ බැව් පැවසුවා.

ඉකුත් (01) දින පස්වරුවේ හිටපු අමාත්‍ය පා.ම මහින්දානන්ද අලුත්ගමගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, නාවලපිටිය ප්‍රාදේශිය ලේකම්වරයා, නාවලපිටිය නගර සභාවේ අලියා සලකුණින් තරඟ කරන සභාපති අපේක්ෂකයා ඇතුළු එම කණ්ඩායමේ අපේක්ෂකයන් සහ නාවලපිටිය නගර සභාවේ ලේකම්වරයාගේද සහභාගිත්වයෙන් එදින පැවැත් වු උත්සවය මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කල දෙයක් බවයි.

දේශපාලන රැස්විමක් පැවැත්විමට නගර සභා පරිශ්‍රය ලබා දීම මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක් බවත් එම පරිශ්‍රය එවැනි කටයුත්තකට ලබා දුන් නාවලපිටිය නගර සභාවේ ලේකම්වරයාට එරෙහිව විනය පියවරක් ගත යුතු බවයි සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ ලේකම් ඩි.එම්.දිසානායක මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශිය ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් රතු කුරුස සංවිධානයේ අනුග්‍රහය මත තම නගර සභාවේ සේවකයන්ට අවුරුදු තෑගි පාර්සල් ලබාදිම සිදු කල බවත්, එම උත්සවය කිසිදු අයුරකින් මැතිවරණයක් ඉලක්ක කරගෙන සිදු නොකල බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka