gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීවරු ඉඩම් කොල්ල කන හැටි කියද්දී රජයේ නිලධාරීන් ඉස්සරහා දයාසිරි සහ මධුර විතාන කෝප් කමිටුවේදී ගැටෙයි - සභාපතිටත් පාලනය කරගන්න බැරිවෙයි (VIDEO)

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා (26) රැස්වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කමිටුව වෙත කැඳවා තිබිණි.

මේ රැස්වීමේදී දේශපාලඥයන් ආණ්ඩුවේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන ශානකියන් රාසමානික්‍යන් සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් පෙන්වා දුන් අතර ඊට ආණ්ඩුවේ මන්ත්‍රී මධුර විතානගෙන් දැඩි විරෝධයක් එක්ක වුණා. 
 
එම විරෝධය දයාසිරි ජයසේකර සහ මධුර විතානගේ අතර උණුසම් වචන හුවමාරුවක් දක්වා වර්ධනය වූ අතර විටෙක් සභාපතිවරයටවත් එම ගැටුම පාලනය කිරීමට නොහැකි විය.

 

මේ අතර 2015න් පසු වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස කමිටුව දිගින් දිගටම අවධාරණය කළද අවසන් වරට ඉදිරිපත් කළ වාර්ෂික වාර්තාවෙන් පසු තවමත් වාර්තාවක් ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය අප්‍රසාදය පළ කළේය.

ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය තවමත් විධිමත් නැහැ
කොමිෂන් සභාව මගින් ඉඩම් ලබාදීමේදී නිසි අනුපිළිවෙලක් සකසන ලෙස කාරක සභාව පසුගිය රැස්වීමේදී නිර්දේශ කළද තවමත් එහි කිසිදු ප්‍රගතියක් නොමැති බව මෙිහිදී සාකච්ඡා කෙරිණි. මෙයට අමතරව දේපොළ පැවරීම් ක්‍රියාවලිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා ඉල්ලීමක් කරන ලද අතර ඒ පිළිබඳ විධිමත් ක්‍රියාපටිපාටියක් ‍ස්ථාපිත නොකිරීම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය.

විධිමත් ලිපිගොනු පවත්වා නොගැනීම
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගත වී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස සභාපතිවරයා මෙහිදී අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. තවද, ඉඩම් සම්බන්ධ දැනට අතුරුදහන්ව ඇති ලිපිගොනු පිළිබඳ ඩිජිටල් දත්ත ග්‍රහණය කර ගැනීමට සහ අනෙකුත් දත්ත ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපයා මෙය හැකි ඉක්මනින් අවසන් කරන ලෙසද සභාපතිවරයා එහි ප්‍රගතිය පිළිබඳ දින 30 කින් නැවත වාර්තා කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
 
බද්දට දෙන ලද ඉඩම්
බදු දී ඇති ඉඩම්වලට අදාළව පැනගිනන ගැටලු සම්බන්ධයෙන් සලකා බැලීමේදී සහ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේදී නිශ්චිත අභ්‍යන්තර ක්‍රියා පටිපාටි අනුගමනය කරන ලෙසද සභාපතිවරයා කොමිෂන් සභාවට උපදෙස් දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර, ගරු ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු (නීතිඥ) අනුර ප්‍රියදර්ශන යාපා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු නිමල් ලාන්සා, ගරු නලින් බණ්ඩාර ජයමහ, ගරු චමින්ද විජේසිරි, ගරු ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම් රාමේෂ්වරන්, ගරු රාජිකා වික්‍රමසිංහ සහ ගරු මධුර විතානගේ යන මහත්ම මහත්මීහු පැමිණ සිටියහ.

 (කවිඳු ප්‍රියමන්ත නීලවල)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka