පුත්තලම වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් වනාතවිල්ලුව 12කණුව ප්‍රදේශයේදී පුද්ගලික වතුයායකදී එහි හිමිකරු යැයි පැවසෙන කටාන ප්‍රදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු උප සභාපතිවරයකු වන හපුආරච්චිගේ දොන් පීටර් අප්පුහාමි නැමති (74) හැවිදිරි තිදරු පියකු සිය වතුයාය තුළදී ඝාතනයට ලක්ව ඇති බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව අවට පොල් ඉඩම් අක්කර සීයකට ආසන්න ප්‍රමාණයක හිමිකරුවකු වන අයකු බවත්, මොහු (27) වන දින වනාතවිල්ලුව 12 කණුව ප්‍රදේශයේ සිය වත්ත තුල පිහිටා ඇති මුරකුටියකට සමාන ඉදිකර ඇති කුඩා ගොඩනැගිල්ලක් පොල්ලක් ආධාරයෙන් එහි අත්පා ගැට ගසා ඝාතනයට ලක්කර ඇති බවයි මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ.
අදාල වත්තේ හිමිකරු එම නිවසේ කාමරයක් තුල මෙලෙස ඝාතනයට ලක්ව සිට ඇති අතර, වත්තේ සේවකයකු විසින් පොලිසියට කල දැණුම් දීමකින් අනතුරුව මරණය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව අපරාධ ස්ථානීය පරික්ෂණ නිලධාරින්, ඇගිලි සලකුණු ලබා ගන්නා නිලධාරින් මෙන්ම පොලිස් නිල සුනඛ ඒකකය පැමිණ පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණද සිද්ධියට සම්බන්ධ සැකකරුවකු මේ වන තෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බවද කියයි.

අදාල මරණය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය සහ ප්‍රදේශවාසීන් සැකපල කරන්නේ වත්තේ මුර සේවයට සිටි මුරකරුවකු සහ ඔහුගේ බිරිද සම්බන්ධයෙන් සැකයක් පැන නැගී ඇති බවත්, මොවුන් දෙපලද හොර රහසේම එම ස්ථානයෙන් පලාගොස් ඇති බව කියයි.
අදාල වත්තේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුවට අගුළු දමා තිබූ අතර, වත්තේ හිමිකරු පැමිණි වාහනයද අගුලු දමා තිබුණි.
පසුව පුත්තලම වැඩ බලන අතිරේක මහේස්ත්‍රාත් ඉස්නි ඉක්බාල් අසීස් මහතා පැමිණ අපරාධ ස්ථානය නිරික්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය කටයුතු සදහා මෘත දේහය පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට පොලිසියට නියෝග කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුමුදු සේනානයක මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරික්ෂණ අංශයේ ස්ථානාධිපති එස්.උයන්ගොඩ ඇතුළු නිළධාරිහූ පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.
එම වීඩියෝව පහතින්,