gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 4යි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර හතරක් ගත වී තිබෙනවා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් කොළඹ අධි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

ප්‍රහාරය වූ දිනයේ සවස දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක් ද, දෙහිවල පිහිටි ලැඟුම්හලක ද පිපිරීමක් සිදුවූ අතර එම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත් වුණා.

ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද මියගොස් තිබුණා.

ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් 8 දෙනාම ඉන් මරණයට පත්ව තිබූ අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

මේ අතර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පුර්ණය නිමිති කර ගනිමින් අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට කතෝලික සභාව සැලසුම් කර තිබෙනවා.

මේ අනුව අද (21) උදෑසන 08 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය කිරිමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව පෙරවරු 8.45ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහි කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජන පවුර නිර්මාණය කරන බවයි කතෝලික සභාව සඳහන් කළේ.

මේ අත‍ර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ (20) රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පවත්වා තිබෙනවා.

ජාලිය යටගම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka