පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ලබන සඳුදා (24) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දැනුම් දී තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරමින් පවසා සිටියේ එසේ නොපැමිණියහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
අද (20) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් ඔහු පැමිණ නොසිටි අතර ඒ වෙනුවෙන් නීතීඥවරයෙකු එහි පැමිණ තිබුණා.
ලිපියක් මගින් හිටපු නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබුණේ වත්මන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් අද දිනයේ එහි නොපැමිණි බවයි.
පසුගිය 19 වනදා පළමු වරට හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද එදිනද ඔහු එහි පැමිණ තිබුණේ නැහැ.
හිරුණි විජේසිංහ