gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම රාජපක්‍ෂවරුන් වෙනුවෙන් එදත් පෙනී සිටියා... අදත් පෙනී සිටිනවා.... හෙටත් පෙනී සිටිනවා - අලි සබ්‍රි

ත්‍රස්තවාදය පරාජය කළ රාජපක්ෂලා වෙනුවෙන් තමා හැමදාම පෙනී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රී පවසයි. විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මන්ත්‍රීවරයා හා අලි සබ්‍රි ඇමතිවරයා අතර ඇති වූ වචන හුවමාරුවකදී ඇමතිවරයා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් තම වරප්‍රසාද කඩව ඇති බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා ඊයේ (27) කතානායකවරයා වෙත යොමු කළ ප්‍රශ්නය හමුවේ සිය ස්ථාවරය ඉදිරිපත් කරමිනි.

“මෙම මන්ත්‍රීවරයා හිතාගෙන ඉන්නේ තමන් දෙමළ ජනතාවගේ සුර දූතයෙක් කියලා. මෙතුමා 2010 වසරේදී තරග කළේ රාජපක්‍ෂ කඳවුර යටතේ. එම ජනප්‍රියභාවය භාවිත කරමින් කටයුතු කළා. එදා පරාද වුණා. හදිසියේ ම මෙතුමා රාජපක්‍ෂ විරෝධී වී දේශපාලනයේ නිරත වන්නට පටන් ගත්තා.

මම කිසිම අවස්ථාවක මුස්ලිම් ජනතාවට විශේෂත්වයක් සිදුකර නැහැ. ඒ වගේ ම සියලු ජනතාවට එක හා සමානව කටයුතු කර තිබෙනවා. මම ඒ ආකාරයෙන් කටයුතු කර නැහැ. මම ඔබගේ ජනතාව වෙනුවෙන් කර ඇති සේවය අතිවිශාලයි. මම අධිකරණ ඇමතිවරයා ලෙස පත් වුණාට පසුව දෙමළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා.

රැඳවුම් භාරයේ සිටි දෙමළ ජනතාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගත්තා. ඒ අය මොන තරම් පිරිසක් අපි නිදහස් කළා ද? ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට මැදිහත් වුණේ මම. මේ සම්බන්ධයෙන් මම එවකට ජනාධිපතිවරයා සමගත් යම් යම් සාකච්ඡාවන් සිදු කළා. නමුත් අපි සිදු කළ දේවල් කෑ ගහල ලෝකයට කියන්නේ නැහැ.

මම රාජපක්‍ෂවරුන් වෙනුවෙන් එදත් පෙනී සිටියා. අදත් පෙනී සිටිනවා. හෙටත් පෙනී සිටිනවා. පසුගිය වසර දෙකේ ඔවුන් අසාර්ථක වූ නිසා ජනතාව යම් යම් තීන්දු ගන්නට ඇති. නමුත් මම තවමත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. මම පාර්ලිමේන්තුවට නොගැළපෙන වචනයක් ප්‍රකාශ කළේ නැහැ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka