ජී.එල් පොහොට්ටුවට නඩු දමයි! සාගර එවූ ලිපියට ජී.එල් උත්තර දෙයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන සෙනසුරාදා (22) පැවැත්වීමට නියමිත මහ සභා රැස්වීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම පක්‍ෂයට දැනුම්දී තිබෙනවා.
එම මහ සභාවේදී ගන්නා තීරණ වලංගුභාවයෙන් තොර, ශූන්‍ය සහ ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම වසරේ (2023) මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවතේ අංක 1316 දරණ ස්ථානයේ ලබන සෙනසුරාදා (22) පෙරවරු 10.00 සිට පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා පසුගිය 11 වැනිදා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම මහ සභාවේදී ගන්නා තීරණ වලංගුභාවයෙන් තොර, ශූන්‍ය සහ ක්‍රියා විරහිත යන පදනම මත සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම වසරේ (2023) මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවතේ අංක 1316 දරණ ස්ථානයේ ලබන සෙනසුරාදා (22) පෙරවරු 10.00 සිට පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා පසුගිය 11 වැනිදා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජී.එල් පොහොට්ටුවට නඩු දමයි! සාගර එවූ ලිපියට ජී.එල් උත්තර දෙයි!
2023-04-20T21:28:00+05:30
Lanka Hot News