gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලශක්ති ඇමතිගේ නිල නිවස අලුත්වැඩියාවේ මුදල මිලියන 10 පනී!

ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම විසින් බලශක්ති අමාත්‍යවරයාගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරිම සදහා  රුපියල් මිලියන 10.2ක මුදලක් 2021 වර්ෂය තුල දි වියදම්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම නිල නිවස සමාගමට අයත් නොවු නමුත් එය අදාල වර්ෂයේ මුල්‍ය ප්‍රකාශයේ නොනිමි වැඩලෙස සටහන් කර තිබු බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

සමාගමට අදාල වියදම් මුල්‍ය ප්‍රකාශනවල හෙලි කල යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

මේ පිළිබද තොග පර්යන්ත සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් විසින් රුපියල්  එක්කෝටි, විසි නම ලක්ෂ අසු හතරදහස්,තුන්සිය දාහතක (12,984,317) මුදලක් බලශක්ති අමාත්‍යවරයගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරිම සදහා අදාල වර්ෂය තුල ප්‍රතිපුර්ණය කොට ඇති බවයි.

අලුත්වැඩියා කිරිමේ සම්පුර්ණ පිරිවැය බලශක්ති අමාත්‍යංශය විසින්  ප්‍රතිපුරණය කළ පසු නොනිමි වැඩ ගිණුම ස්වයංක්‍රියව ඉවත්වනු ඇති බවයි.

ලංකා ඛනිජතෙල් තොග පර්යන්ත සමාගම සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka