පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි! තාම මහමොළකරුවො අල්ලලා නෑ! අද රෑ පියතුමන්ලා පෙරටු කොටගෙන කතෝලික ජනතාව කටුවපිටිය පල්ලියෙන් පා ගමනක් අරඹයි! හෙට පාන්දර කොච්චිකඩේ පල්ලියට එයි!
පාස්කු ප්‍රහාරය සිදු වී හෙටට (21) වසර 4 ක් සම්පූර්ණ වීම හේතුවේ කතෝලික ජනතාව සහ පියතුමන්ලා අද (20) පා ගමනක නිරත වීමට සැලසුම් කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙතෙක් සාධාරණය ඉටු වී නොමැති බව කතෝලික සභාව පෙන්වා දෙයි.
අද (20) රාත්‍රියේ කටුවපිටිය දේවස්ථානයෙන් ආරම්භ වන පා ගමන හෙට අලුයම කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර ඇතැයි කතෝලික සභාවේ ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ ය.
පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි! තාම මහමොළකරුවො අල්ලලා නෑ! අද රෑ පියතුමන්ලා පෙරටු කොටගෙන කතෝලික ජනතාව කටුවපිටිය පල්ලියෙන් පා ගමනක් අරඹයි! හෙට පාන්දර කොච්චිකඩේ පල්ලියට එයි!
2023-04-20T11:57:00+05:30
Lanka Hot News