පාසල් දරුවන්ට ඇති වී තිබෙන බරපතළ තත්ත්ව මත එක වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා සහතිකයක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
ලක්ෂ හයක පමණ පාසල් සිසුන් පිරිසක් පෙල විභාගයට පෙනී සිට ඉදිරියට යා ගැනීමට නොහැකිව හිර වී සිටි නිසා මෙය සලකා බැලිය යුතු යෝජනාවක් බව ද හෙතෙම පැවසීය.
ඒ අනුව එක් වසරක් සඳහා සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම සියලුම දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හරහා සහතිකයක් ලබා දීම සුදුසු බවද හෙතෙම සඳහන් කළේය.
එක වර්ෂයක් සඳහා මෙම කාර්යය කළහොත් ඉන් පසු නැවත පැරණි ආකාරයටම විභාග කාල සටහන ක්‍රියාත්මක කළ හැකි බවද කියා සිටියේය.
එම යෝජනාවෙන් දරුවන්ට කිසිදු අසාධාරණයක් සිදු වන්නේ යැයි තමන් විශ්වාස නොකරන බවද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හරහා පමණක් යා හැකි කිසිදු රැකියාවක් නැති බවද හෙතෙම කියා සිටියේය.
අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් කරන ලදී.