gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනා චන්දිම ගැටේ… විජේදාස එලියට දමයි!

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කලහකාරී ලෙස හැසිරී එහි කටයුතුවලට බාධා කලේ යයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය එම කාරක සභාවෙන් එළියට යැවීමට එම කාරක සභාවේ සභාපති අධිකරණ බන්ධනාගාර ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පියවර ගෙන ඇත.

මෙම කාරක සභාව 04 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර හිටපු ඇමති ඇමැති චන්දිම වීරක්කොඩි මහතා තම අදහස් පළ කිරීමට නැගී සිටීමත් සමඟ ඔහුගේ කතාවට බාධා කරමින් ඩයනා ගමගේ ඇමතිවරිය ඔහුට චෝදනා කිරීමට පටන් ගැනීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්වය උද්ගතව ඇත.

මෙම කාරක සභාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම එය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ව ම තුන් රැසක් සහභාගි වී සිට ඇත.

“මේ ගොල්ලෝ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ පරක්කු වෙලා ඇවිල්ල තව කියවන්නත් එනවා”යැයි කියමින් ඩයනා ගමගේ ඇමතිවරිය චන්දිම වීරක්කොඩි හිටපු ඇමතිවරයාට දෝෂාරෝපණය කිරීමට පටන් ගෙන ඇත.

එම අවස්ථාවේ කාරක සභාවේ සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා මෙම වැදගත් කාරක සභාවේ විනය ආරක්ෂා කර කළ යුතු බවත් චන්දිම වීරක්කොඩි ඇමතිවරයාට අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඇමතිවරිය ද අවවාද කරමින් පවසා ඇත.

මූලාසනයේ ඉල්ලීම නොතකා ඇය දිගින් දිගටම එලෙස හැසිරී ඇති අතර අනතුරුව ඇමති ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මහතා ඇයට එළියට යන ලෙසට දැනුම් දී ඇති බව එම කාරකසභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කාරක සභාවට ඇමති රමේෂ් පතිරණ රවුෆ් හකීම් අනුර ප්‍රියදර්ශන යාපා මහාචාර්ය චරිත හේරත් සීතා අරඹේපොල ඇතුළු කිහිප දෙනෙක් සහභාගි වී සිට ඇත.

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka