gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට සහාය දෙන්න සූදානම් - ශ‍්‍රීලනිප මහ ලේකම්

සියලු පක්ෂ එකතුවකින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්නේ නම් ඒ සඳහා සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර එහි නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ ඉදිරියට යන්නේ නම් එම වැඩපිළිවෙළ සඳහා සහාය දීමට පක්ෂයක් ලෙස සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

ඒ හැර තනි තනි පුද්ගලයා ලෙස ආණ්ඩුවට එක්වී ඇමති ධුර බාර ගැනීමට හෝ වරප්‍රසාද වරදාන ලබා ගැනීමට සූදානම් නැති බව ද හෙතෙම පවසයි.

තම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සඳහන් කර ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් බවත් ඒ සඳහා ඒවා එවන් ආණ්ඩුවට ශක්තිය ලබාදීමට සූදානම් බව යයිද හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා රාජපක්ෂවරුන්ගේ තනතුරු රැක දීම සඳහා මුක්කු ගැසීමට පක්ෂයක් ලෙස සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka