gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

(EXCLUSIVE) : ලක්ෂ 80 ක් වතුරේ යවමින් කොළඹ බාලිකා පාසලක මුල් පුටුව ඩැහැගන්න බලධාරීන් සිදුකළ අක්‍රමිකතා එළියට?

කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක විදුහල්පතිවරියක් පත් කිරීමේදී නිසි ක්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ විගණන වාර්තාවක දැක්වෙනවා.
මෙහි දැක්වෙන විදුහල්පතිවරිය මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස්වරියක් වශයෙන් සේවයේ යෙදී සිට ඇති අතර 2017 වසරේ පෙබරවාරි 22 වෙනිදා සිට 2018 ජූලි 02 දින දක්වා වැටුප ද සහිතව ඇයව රජයේ සම්පූර්ණ වියදමෙන් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනපති උපාධිය හැදෑරීම සඳහා යවා ඇති අතර ඒ සඳහා රජය විසින් දරා ඇති මුදල රුපියල් ලක්ෂ 80 කට අධික වෙනවා.

ඒ සඳහා හේතු ලෙස පෙන්වා දී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ කාර්‍ය්ක්ෂමතාවය සහ ඇගෙන් වඩා ඵලදායී සේවාවක් ලබා ගැනීමයි .

එහෙත් හාස්‍යයට කරුණ වන්නේ එලෙස අධික මුදලක් වැයකොට ඇයට විදේශ අධ්‍යාපනය ලබා දුන්නද ,යළිත් මෙරටට පැමිණ වසර දෙකයි මාස පහක් ගත වූ තැන ඇය විභාග දෙපාර්තමේන්තුව හැරදා ජාතික පාසල් විදුහල්පති තනතුරට අයදුම් කිරීමයි.

ඒ අනුව ඇය 2021 ජූලි මසදී රත්නපුරය සුමන බාලිකා විදුහලේ විදුහල්පති ලෙස වැඩ භාරගෙන තිබෙනවා.

මෙම වාර්තාවට අනුව එම පත් කිරීම සිදු කිරීමේදීද අක්‍රමිකතාවයක් සිදුව ඇති අතර,ආයතන සංග්‍රහයට අනුව දිවයිනේ කවර ප්‍රදේශයක වුවද සේවය කළ යුතුව තිබුනද ලකුණු 37ක් පමණක් ලැබූ ඇයට එම නීතිය අදාළ නොවී රත්නපුරය සුමන විදුහලේ විදුහල්පති තනතුර හිමිව තිබෙනවා.

එමෙන්ම තවත් ජාතික පාසලක විදුහල්පති තනතුර සඳහා අයදුම් කිරීමේදී ,අවම වශයෙන් එක් විදුහලක වසර තුනක ස්ථීර සේවා කාලයක් සම්පූර්ණ කළ යුතු බවට වූ රීතියක් පැවති අතර 2012,2015 සහ 2018 වසරවලදී ඒ සඳහා අයදුම්පත් ගෙන්වා ගැනීමට පළ කල පුවත්පත් වාර්තාවලද ඒ බැව් පැහැදිලිව දක්වා තිබෙනවා.

එහෙත් 2020 වසරේදී නව බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කොට තිබූ අතර එහිදී එම රීතිය සඟවමින් එම දැන්වීම පළ කොට ඇති බවයි මෙම වාර්තාවේ විශේෂයෙන් දක්වා ඇත්තේ.

එම දැන්වීම අනුව එතෙක් රත්නපුරය සුමන බාලිකා විදුහලේ මාස දෙකයි දින 17ක් පමණක් කටයුතු කළ ඇයටද ඒ අනුව කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක විදුහල්පතිනිය වශයෙන් පත්වීම් ලැබීම ඉන් ප්‍රශ්න කොට තිබෙනවා.

වෙනත් සෑම වසරකදීම එලෙස නව පත්වීම් ලැබීමේදී නිර්ණායකයක් වූ ,අවම වශයෙන් වසර තුනක් සේවය කොට තිබිය යුතුය යන්න ,ඇය අයදුම් කල වසරට පමණක් අදාළ නොකිරීමට බලධාරීන් පියවරගෙන තිබීමද එකී විගණන වාර්තාවේ විශේෂයෙන් දක්වා තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා ලකුණු ලබා ගැනීමේදී මීට පෙර ලකුණු 37ක් ලබා ගත් ඇය මාස 11 ක් වැනි කෙටි කලක් තුළ ලකුණු 67ක් ලබා ගැනීමද ඉන් ලකුණු 45ක් ම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අභිමතය අනුව ලැබීමද ප්‍රශ්න සහගත වන අතර ඇයට කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක විදුහල්පති තනතුර ලැබී ඇත්තේ ඉන් අනතුරුවයි.

ඒ අනුව එකී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඇය වෙනුවෙන්ම කටයුතු කොට ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම 2020 සහ 2021 වසරවලදී ලකුණු ලබා දීමේදී විදුහල්පතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ කාලය අනුව ලකුණු ලබා දීම ඉවත්කොට තිබූ අතර මේ හේතුවෙන් අත්දැකීම් රහිත හෝ අවම අත්දැකීමක් සහිත අය පාසල් පරිපාලනයට එක්වීමේ වැරදි පූර්වාදර්ශයක් හටගෙන තිබෙනවා.

ඇය වෙනුවෙන් මෙලෙස සමස්ත ක්‍රියාවලියම හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම පසුපස එවකට  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ව සිටි කපිල පෙරේරා සිටි බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන අතර මෙවන් නුසුදුසු අයවලුන් මෙවැනි තනතුරට පත් කිරීම තුළින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදය අභියෝගයට ලක්වෙන අතර එය සිසු දරුවන්ගේ අනාගතයට ද අහිතකරව බලපාන්නක් බවයි බොහෝ දෙනා කියා සිටින්නේ.

- නෙත්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka