යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙස දන්වා ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිඛිත නිවේදනයක් නිකුත් කර තිබේ.
උන්වහන්සේලා පෙන්වා දෙන්නේ මෙම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තුළ ත්‍රස්තවාදය පිළිබඳව දක්වා ඇති අර්ථකථනයට අනුව සාමකාමී උද්ඝෝෂණ, අදහස් ප්‍රකාශ කිරීම, පවතින රාජ්‍ය පාලනයේ අඩුපාඩු පෙන්වා දීම ඇතුළු ඕනෑම සිද්ධියක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථගැන්විය හැකි ආකාරය නිරීක්ෂණය වන බවය.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් වෙනුවට මෙවැනි අහිතකර වාරණ ක්‍රමවේදයන් මගින් කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ වගකීම සහ වගවීමේ විනිවිදභායව පිළිබඳ ජාතිකව මෙන්ම ජාත්‍යාන්තරවත් බරපතල ගැටලු ඇති කළ හැකි බව උන්වහන්සේලා පෙන්වා දෙති.
ත්‍රෛයිනිකායික මහා සංඝයාවහන්සේ ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ මෙම පනතේ අහිතකර වගන්ති වහාම සංශෝධනය විය යුතු බවය.
එම නිවේදනය පහත දැක්වේ.
ත්‍රෛයිනිකායික මහා සංඝයාවහන්සේ ජනාධිපතිවරයාට දන්වා සිටින්නේ මෙම පනතේ අහිතකර වගන්ති වහාම සංශෝධනය විය යුතු බවය.
එම නිවේදනය පහත දැක්වේ.
