රටේ පැවති හදිසි ප්‍රශ්න ටික පැවැත් වත්මන් රජය විසින් විසඳා ඇති බව පිළිගත යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
රජය විසින් ප්‍රකාශ කර ඇති පරිදි වැල් පාලමෙන් රට එගොඩට ගෙන ගිය බව සත්‍ය බවත් එම කටයුත්ත සඳහා තමන් රජයට ප්‍රශංසා කරන බවත් ඇය පැවසුවාය.
මීට වසරකට පෙර අරගලයක් ආරම්භ වී මහා ආර්ථික ව්‍යසනයක් රට පුරා පැවති බව ද ඇය සිහිපත් කළාය.
ජනතාවට කෑම බීම නොතිබූ බවත් කිලෝමීටර පහක් යාමටවත් ඉන්ධන නොතිබූ බවත් පැවසූ ඇය එම ගැටලු නිරාකරණය කර දීම පිළිබඳව වත්මන් රජයට ස්තුතිවන්ත වන බව ද තවදුරටත් කියා සිටියාය.
කොළඹදී උත්සව සභාවක් අමතමින් හිටපු ජනපතිනිය මෙම අදහස් පල කරන ලදී.