නව පලාත් පාලන සීමා නිර්ණය එයි.. සියළු නාම යෝජනා අහෝසියි..
පළාත් පාලන සීමා කමිටු නිර්ණ කමිටුව මඟින් සිදුකර ඇති සීමා නිර්ණයේදී මෙරට පාලාත් පාලන මන්ත්‍රී සභික සංඛ්‍යාව 4800 දක්වා අඩුකර තිබේ. එය මෙතෙක් පැවතියි 8800කි. මේ සම්බන්ධයෙන් අවසන් නිල වාර්තාව පළාත් පාලන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත බාරදීමට නියමිතව තිබේ.
එම වාර්තාව ගැසට් කළ පසු එහි ඇති දෝෂ නිරාකරණය කිරීමට සමාලෝචන කමිටුවක්ද පත් කිරීමට නියමිතය.
මෙය මෙරට පළාත් පාලන නීතියට ඇතුළත් වූ පසු දැනට නාම යෝජනා භාර ගෙන ඇති පළාත් පාලන මැතිවරණයේ සියලු නාමයෝජනා අහෝසි වීමේ තත්ත්වයක් මතුව තිබේ.
ඒ අනුව නව සීමා නිර්ණයට අනුව පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇත.
නව පලාත් පාලන සීමා නිර්ණය එයි.. සියළු නාම යෝජනා අහෝසියි..
2023-04-09T11:52:00+05:30
Gossip Lanka Hot News






