gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනය නැතිව ණය කතා ඇරඹෙයි ! වෙනම කතා නොකිරීමට ශ්‍රි ලංකාව තීරණයක!

ශ්‍රි ලංකාව විදේශ රටවලට පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අදාළ වැඩ සටහන සැකසීම චීනයේ සහභාගීත්යෙන් තොරව මේ වනවිට ආරම්භ වී ඇති බවත් ශ්‍රී ලංකාව චීනය සමඟ මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව වෙනම පෞද්ගලික මට්ටමේ සාකච්ඡා සිදු නොකිරීමට තීරණය කර ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ්‍රි ලංකාවට ණය ලබා දී ඇති රටවල් පසුගියදා ජපානයේ මූලිකත්වය යටතේ  ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී සාකච්ඡා ආරම්භ කළ අතර ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සහභාගී විය.

ශ්‍රි ලංකාවට ණය ලබා දුන් ප්‍රධානතම රට ලෙස චීනය මෙම වැඩසටහනට සහභාගී වනු  ඇතැයි අපේක්ෂා කළද චීනය ඊට සහභාගී වූයේ නැත.

ජාත්‍යන්කර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනෙන ඇමෙරිකානු ඩොලර් බිලියන  2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම වෙනුවෙන් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය එකක් වන අතර මේ වනවිට අදාළ ප්‍රතිව්‍යූහගතකරණයට එකඟ වූ රටවල් සමඟ මේ ණය ආපසු ගෙවීමේ සැලසුම් පිළිබඳව මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇත.

එසේ වුවද චීනය තමන් ශ්‍රි ලංකාව් ණය සම්බන්ධයෙන් පෙර ලබා දුන් වසර දෙකක ආපසු ගෙවීමේ සහනය හැරෙන්නට වෙනත් යෝජනාවක් සිදු කර නැති අතර ජපානය ප්‍රමුඛ ණය හිමි රටවල් ඉල්ලා සිටියේ ණය හිමි රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසය.

කෙසේ වුවද මෙම ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය  ධනාත්මක ප්‍රචාරයක් ලබා දුන්නද ඊට  සහභාගි වූයේ නැත.



මේ අනුව එම රටවල් සිය ණය ප්‍රතිව්‍යුහගතතරණ සැලසුම් ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනයේ සහභාගීත්වයෙන් තොරව ආරම්භ කර ඇති අතර තවදුරටත් චීන සහය ඔවුන් බලාපොරොත්තු වන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

විශේෂයෙන්ම   ශ්‍රි ලංකාව ඝානාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දුන් ණය ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් චීනය දැනට ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්ති ලිහිල් කරන බවට ජාත්‍යන්කර මූල්‍ය අරමුදල සහ ලෝක බැකුව වෙත ප්‍රකාශ කරනු ලැබ තිබේ.

කෙසේ වුවද මෙම තත්ත්වය මත ශ්‍රි ලංකාව දැනට  ණය හිමි රටවල්  ආරම්භ කර ඇති ක්‍රියාවලිය අවුල් සහගත වීමට ඉඩ ඇති බැවින් චීනය සමඟ වෙනම සාකච්ඡා නොපවැත්වීමට තීරණය කර ඇති බවද එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka