රිලවුන්ට හොද කලක් යයි… ඇමරිකාවෙන් ලොකු ඕඩරයක්… මෙන්න විස්තරේ
ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ.
නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
චීනය විසින් ඉල්ලා ඇති රිලවුන් ලක්ෂය ලබා දීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන බව ද හෙතෙම පැවසීය.
මෙරට රිලවුන් තිස් ලක්ෂයකට වැඩියෙන් සිටින බවත් රිලවුන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය ද ඉහළ ගොස් ඇති බවද ඇමතිවරයා කියා සිටියේය.
රිලවුන් විදේශ රටවලට ලබා දීම සුදුසු බවත් එසේ නොකරන්නැයි කිසිවෙකු ප්‍රකාශ කර නැති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
රිලවුන්ට හොද කලක් යයි… ඇමරිකාවෙන් ලොකු ඕඩරයක්… මෙන්න විස්තරේ
2023-04-17T10:05:00+05:30
Gossip Lanka Hot News






