gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

උප්පැන්න සහතික නොමැති අයට ජාතික හැදුනුම්පත් නිකුත් කෙරේ.

උප්පැන්න සහතිකය නොමැති වීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ වැඩසටහනක් සකස් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත, ඡන්දහිමි නාම ලේඛණයේ ලියාපදිංචි, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 40 ඉක්ම වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්ගෙන් ලබාගත හැකි වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka