තරු හෝටලයක ගැටුමක දී පොලිස් නිලධාරියෙකුට අත කැඩෙන්න පහර දුන් මහනුවර ප්‍රභූ පුත්තු කූඩුවේ …
මහනුවර තරු හෝටලයක පැවති රාත්‍රී සාදයක දී ඇතිවූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අත කැඩෙන්නට පහර දුන් බවට චෝදනා ලද මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් ඇතුළු තරුණයින් 07 දෙනෙක් මහනුවර පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 27 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝගක කර තිබේ.
මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් ජගත් පීරිස් විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයින් අතර ව්‍යාපාරික පුත්‍රයාට අමතරව සමගි ජන බලවේගයේ නගර සභා අපේක්ෂකයෙකුගේ පුත්‍රයෙක්, ප්‍රකට මහාචාර්යවරයෙකුගේ පුත්‍රයෙක්, නුවර ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගේ පුත්‍රයෙක් ද සිටින බව විමර්ශන අංශ කියයි.
අත්අඩංගුවේ පසුවන තරුණයින් මහනුවර, අරුප්පල, රාගල, පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ගැටුම අතර පහර කෑමට ලක්වන නිලධාරියා ඇද වැටෙන අයුරුත්, ඉන් අනතුරුවත් ඔහුට පහර දෙන අයුරුත් සම්බන්ධව සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් තරුණයින් බී වාර්තාවක් මගින් මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් ජගත් පීරිස් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝගක කර තිබේ.
සැකකරුවන් එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියමිතව ඇත.
පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියාගේ වැලමිට අසලින් අත බිඳී ගොස් ඇති අතර ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සැත්කමකට භාජනය කර තිබේ.
තරු හෝටලයක ගැටුමක දී පොලිස් නිලධාරියෙකුට අත කැඩෙන්න පහර දුන් මහනුවර ප්‍රභූ පුත්තු කූඩුවේ …
2023-04-16T19:41:00+05:30
Gossip Lanka Hot News






