ඇමරිකාව, ඉන්දියාව එකවිට කෝප කරමින් චීන රේඩාර් කදවුරක් දෙවුන්දරට..
මාතර දෙවුන්දර බොක්ක ආශ්‍රිතව රේඩාර් කඳවුරක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතන විසින් මෙය පරිපාලනය කරනු ඇති බවද එම වාර්තා වන සඳහන්ය.
මෙම කදවුර ඉදි කළ හොත් එමගින් සමස්ත ඉන්දියාවේ මෙන්ම දියාගෝ ගාර්ෂියාහි පිහිටි ඇමරිකන් හමුදා කඳවුරු වල ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇතිවන බව ඉකොනොමික් ටයිම්ස් වාර්තාවක දැක්වෙයි.
නැගෙනහිර දිශාවෙන් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා පරාසයක අධීක්ෂණය කිරීමට මෙමගින් චීනයට හැකියාව ලැබෙනු ඇති බවද සඳහන්ය.
මෙම රේඩාර් පද්ධතිය මගින් ඉන්දියානු නාවික හමුදා ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට අවධානය යොමු කරනු ඇති අතර නවදිල්ලියේ හැසිරීමද නිරීක්ෂණයට ලක් වු ඇති ඔහු වාර්තා කර ඇත.
-lankacnews
ඇමරිකාව, ඉන්දියාව එකවිට කෝප කරමින් චීන රේඩාර් කදවුරක් දෙවුන්දරට..
2023-04-08T22:54:00+05:30
Gossip Lanka Hot News






