මහ බැංකුවේ මහ හොරකමක්.. මුදල් අතුරුදන්.. පොලිසියට පැමිණිල්ලක්..
ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධිආරක්ෂිත කාමරයක තිබූ රුපියල් මිලියන පහක මුදලක් අතුරුදන්වී තිබේ. මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය වෙත ඊයේ දින පැමිණිල්ලක් ලැබී ඇත. එම අංශය භාර ප්‍රධානියා සඳහා විසින් සිදු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ ගොඩනැගිල්ලේ භූගත තුන්වැනි මහලේ ගබඩාකර තිබූ මුදල් මිටි අතරින් එක් මිටියක් අඩු වී ඇති බවයි.
මෙම ගබඩා කාමරය අධිආරක්ෂිත ක‍්‍රමවේද හා කැමරා ක්‍රියාත්මක කාමරයක් බවද ඔහු සඳහන් කර තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙනත් බැංකු වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ මුදල්වලින් එක් මිටියක් අඩු යයි ගොස් ඇති බව පෙනී යන බවද එම මුදල් මිටිය සොයා ගැනීම සඳහා නැවතත් ගණනය කිරීමක් කරන බව ද පැමිණිලි කල නිලධාරීන් පවසා ඇත.
මහ බැංකුවේ මහ හොරකමක්.. මුදල් අතුරුදන්.. පොලිසියට පැමිණිල්ලක්..
2023-04-12T10:03:00+05:30
Gossip Lanka Hot News






