යෝජිත ත්‍රස්තවිරෝධී පනත සම්බන්ධව තමන් දැඩි කම්පනයකට පත් වූ බව දන්වමින් සියයකට අධික සංවිධාන සහ පුද්ගලයින් සංඛ්‍යාවක් කොළඹ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත ලිඛිතව කරුණු දක්වා තිබේ..
කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ස්ථාපනය කිරීමට බලාපොරොත්තුවන ප්‍රති ත්‍රස්ථ පනත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට පැවතියාටත් වඩා බරපතල තර්ජනයක් ඇති කරන බව ඔවුහු ප්‍රකාශ කරති.
මෙම ම්ලේච්ඡ යෝජිත නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා තම පුරවැසියන්ගේ මානව හිමිකම් අහිමි කිරීමේ හැකියාවෙන් යුත් නීතියක් ශ්‍රී ලංකා රජය යෝජනා කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ප්‍රජාතන්ත්‍රවාදය තුළ ක්‍රියාකාරී සිවිල් සහභාගීත්වය සඳහා ඇති අවකාශය හැකිලීම, දැඩි රාජ්‍ය නිරීක්ෂණවලට යටත් වන ප්‍රජාවන් ඉලක්ක කරගෙන රාජ්‍යය මිලිටරිකරණය තහවුරු කිරීම සඳහා වන අවකාශය පුළුල් කිරීම ප්‍රති ත්‍රස්ථ පනතේ ප්‍රතිපාදනවලින් සිදුවී ඇති බව ඔවුහු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල වෙත දන්වා සිටිති.
RelatedPosts
රට තුළ කුකුළු මස් හිඟයක් නෑ… නිශ්පාදකයින් මිල වැඩි කර නෑ… මේ මිල වැඩිවීම වෙළෙන්දන්ගේ මාෆියාවක්! නිශ්පාදකයෝ කියති…
රනිල් ජනාධිපති අපේක්ෂයකා කරන්න තවම පොදු පෙරමුණේ කිසිම තීරණයක් නෑ… සාගර කාරියවසම්!
සීමා නිර්ණ වාර්තාව අප්‍රේල් 30 සම්පූර්ණ කරනවා… වෙනසක් අවශ්‍ය නම් 25ට පෙර දන්වන්න – හිටපු මැකො කියයි…
ඔවුහු ශ්‍රී ලංකා රජයෙන් මෙසේ ඉල්ලා සිටිති.