ගැබ්ගෙන ඇති කතුන් මුලාකර ගබ්සා කිරීම් කරන මුවාවෙන් ඔවුන්ට ලිංගික අතවරද කල පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ රාජකාරි කරන කොස්තාපල් වරයෙකු අද (11) අත්අඩංගුවට ගෙන ඇතැයි පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරි කරන රියදුරු කොස්තාපල්වරයෙකු බවත් පැවසේ.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නිළධාරීන් පිරිසක් පොලිස් කාන්තාවක සහ සැරයන් වරයෙකු ප්‍රේමවන්තයින් අන්දමින් උපාය දූතයින් ලෙස යොදා වැටලීම සිදුකර තිබේ.
සැකකරු විසින් උපාය දූතයින් ලෙස සැරසී සිටී පොලිස් ප්‍රේමවන්ත යුවල ගබ්සා කිරීම සදහා හොරණ ප්‍රදේශයේ හෝටලයක ගෙන්වා කාමරයක් වෙන්කර ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
රුපියල් තිස්දහසක මුදලක් අයකර කාන්තාවගේ ශරීරයට බෙහෙත් පෙති තුනක් ඇතුල්කර ගබ්සා කිරීම සිදුකරන බවට සැකකරු ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය පැවසීය .
සැකකරු සන්තකයේ තිබූ මිලි ග්‍රැම් 200 බෙහෙත් 5 ක් , ගංජා ග්‍රැම් 6 ක් සහ ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
-සුමිත් පොතුපිටිය
-lankasara