gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්තිවලට මා ත් එකඟ නෑ” – අලි සබ්‍රි

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අන්තර්ගත සමහර වගන්ති සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව ත් එම කොටස් හේතුවෙන් බරපතළ තත්ත්වයක් හට ගත හැකි බව ත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පැවසීය. මෙම පනත් කෙටුම්පත මගින් අවසර දී ඇති සමහර කරුණු අවභාවිත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ත් එයට කිසි විටෙක ඉඩ නොතැබිය යුතු බව ත් ඔහු කීය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු බව ආණ්ඩුවේ සියලු දෙනාගේ පොදු මතයක සිටින බව ත් තමා මේ සඳහා එකඟ නොවන බව කැබිනට් සාකච්ඡාවේදී ද පැවැසූ බව ත් ඔහු සඳහන් කළේ ය.

පොලිසියේ ඩී.අයි.ජී. කෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කරන්න ත්‍රස්ත විරෝධී පනත මගින් අවසර දීම සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව ත් එවැනි අවස්ථාවක් කිසිදු ආකාරයකින් නිර්මාණය වන්නට ඉඩ දිය නොහැකි බව ත් ඔහු පැවසීය.

එවැනි බලතලයක් අමාත්‍යවරයකු යටතේ හෝ එසේත් නැත්නම් අවම වශයෙන් ආරක්‍ෂක ලේකම් යටතේ පැවතිය යුතු බව ද රූපවාහිනි නාළිකාවක පැවැති දේශපාලන සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ ය.

ත්‍රස්තවාදී අවස්ථාවක පමණක් යොදාගත හැකි පනතක් ලෙස මෙය ක්‍රියාත්මක විය යුතු බව ත් එසේ නොමැතිව රටේ සාමාන්‍ය නීතිය ලෙස යොදා ගැනීමට මෙමගින් අවස්ථාව ලබා නොදිය යුතු බව ත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka