ජනාධිපති තවත් ධුර කාලයක් සදහා නිතරගයෙන් පත් කල යුතුයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් ධුර කාලයක් සඳහා ජනතාව විසින් නිතරගයෙන් පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි. මෙරට ආර්ථිකය නගා සිටුවීමට හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ඔසවා තැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය සෙසු ප්‍රතිවාදී අපේක්ෂකයන්ට සිතාගැනීමටවත් නොහැකි බව හෙතෙම කියා සිටී.
‘වත්මන් ජනාධිපතිවරයා භාරගත්තේ ඉන්ධන, ගෑස් පෝලිම්, අහාර හිගය, පෙළපාලි විරෝධතා සමඟ මහජන නොසන්සුන්තාවයෙන් ඇති වූ තිබූ රටක්. පෙට්‍රල්, ගෑස් ගන්න පෝලිම්වල මිනිස්සු රණ්ඩු වුණා. ගොවීන් සිය විරෝධතාවයේ නිරත වුනා. නමුත් එතුමා බලයට පත්වෙලා කෙටි කාලයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වය ඇති කළා. ඒ නිසා ජනතාව එතුමාව මීළඟ වාරය සඳහා නිතරගයෙන් පත් කර ගත යුතු බව මගේ අදහසයි.
නමුත් ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි. ඔහු ජනාධිපතිවරණයේ සිටිනවා නම් ජනතාව ඔහුව ජාතික සම්පතක් ලෙස තෝරා පත් කර ගත යුතුයි’ යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති තවත් ධුර කාලයක් සදහා නිතරගයෙන් පත් කල යුතුයි..
2023-04-12T16:54:00+05:30
Gossip Lanka Hot News






