ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය.
එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

I am disappointed that an MP has made baseless allegations and spread outright lies in a book that should be labeled “fiction.” For 75 years, the US & SL have shared commitments to democracy, sovereignty, and prosperity - a partnership and future we continue to build together.
— Ambassador Julie Chung (@USAmbSL) April 26, 2023