පාස්කු ප්‍රහාරයට වසර 4ක් පිරෙන ලබන 21 වැනිදා කොළඹ කොච්චිකඩේ පල්ලියේ සිට කටුවපිටිය පල්ලිය දක්වා මහා පාගමනක් සූදානම් කොට ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සදහන් කර සිටියේ ප්‍රහාරය පසුපස සිටින කුමන්ත්රණකරුවන් සහ දූෂිතයන් පරාජය කිරීමට අවශ්‍ය සියලු දෙනාටම මෙම පාගමනට එකතු විය හැකි බවය.