gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලැබුනු ටික අහිමි කරලා….. ආයෙත් දෙනකොට….. දෙන කෙනා වීරයෙක් වෙනවා…. ඒත් රටේ ආර්ථිකය තවමත් තියෙන්නේ අවුරුදු 06ක් පිටිපස්සෙන් – මහාචාර්ය වසන්ත අතුකෝරල

අද රට යම් සුභවාදී තත්වයක් පවතිනවා යැයි පෙනුනද එය සිදුව ඇත්තේ රටේ ණය නොගෙවන තත්වයක් යටතේ බවත් රට මේ වනවිට පවතින්නේ ජාතික ආර්ථිකයෙන් අවුරුදු 06කටත් වඩා පිටු පසින් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල අවධාරණය කරයි.

ඔහු සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් මහාචාර්යවරයා සිය මුහුණුපොතේ තැබූ සටහනකින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ,

“අලුත් අවුරුද්ද ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…. ඒත් 2022 ආර්ථික දත්ත බලන කොට අපි ඉන්නේ අවුරුදු 6 කට පෙර….. ඒ කියන්නේ 2022 අපේ රටේ මූර්ත GDP රු බිලියන 12018. අනේ දෙය්යනේ… 2016 දි එය රු බිලියන 12151…..අවුරුදු 6 කට වඩා ආපස්සට ගිහිල්ලා නේද…. ඒත් පෝලින් නැනේ… Gas ටික ලැබෙනවා නේ…. Electricity ලැබෙනවානෙ…. පොහොර ලැබෙනවානෙ…. දැන් ඔක්කෝම හරි…. ලැබුනු ටික අහිමි කරලා….. ආයෙත් දෙනකොට….. දෙන කෙනා වීරයෙක් වෙනවා…. ඒත් අහිමි කරේ ඔවුන්ම බව අපිට තේරෙන්නේ නෑ නේද… අනේ මන්දා… ඔය ඔක්කොටම වඩා රිලවුන් ටිකත් රට යවනවා….. මෙහෙම හිතන ගොඩක් අය ඉන්නවා…… ඒත් 2016 නෙවයි…. 2022 ට පෙර පාලකයන් කලේ ණය අරගෙන, ණය ආපසු ගෙවමින් රට කලමනාකරනය කිරීම….. ඒත් දැන් කරන්නේ ණය අරගෙන…. ණය ආපසු ගෙවීම නවතා… රට කලමනාකරනය කිරීම… ඔබට සතුටු විය හැකිය… ඒත්… ඔබගේ දරුවන්ට යන එන මං නැති වීම අනිවාර්ය වේ…… ඔබට කමක් නැත්නම් මටත් කමක් නැහැ….. මට නොතේරෙන ගොඩක් දේවල්… ඔබට තේරණ නිසා මම නිහඬ වෙන්නම්…..” යනුවෙනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka