gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අත්දැකීම් ලබාගැනීම ට ඇමතිවරු දෙදෙනෙක් දකුණු අප්‍රිකාවට!

අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඊයේ (21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට තුළ ස්ථාපිත කිරීමට නියමිත “සත්‍ය සෙවීමේ කොමිසමේ” කටයුතු විධිමත්ව සහ සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දකුණු අප්‍රිකා රජයේ අත්දැකීම් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E. ස්චල්ක් මහතා පසුගිය දිනක අධිකරණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ සිය රට තුළ ස්ථාපනය කර ඇති සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් කර තිබුණි.

ඒ අනුව මෙම සංචාරය සංවිධානය කර තිබේ.

ගැටුම්කාරී වාතාවරණයන්ගෙන් පසුව ලෝකයේ රටවල් තුළ සාමය හා සංහිඳියාව වැඩි දියුණු කිරීමට පිහිටවනු ලැබූ කොමිෂන් සභා අතරින් සාර්ථක කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් වශයෙන් දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම හැදින්විය හැකි බව සඳහන්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka