gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සනත් නිශාන්තගෙන් අට වැදෑරුම් වැඩ පිළිවෙලක්!

ග්‍රාමීයව ක්‍රියාත්මක කෙරෙන ජල සම්පාදන ව්‍යාපෘති මඟින් ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබා දීම සඳහා, අට වැදෑරුම් වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන බව, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාප්‍රකාශ කරයි.

රතු කුරුස උපදේශන සේවයේ සහභාගීත්වයෙන් පවුල් 400ක් සම්බන්ධ කරගනිමින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කල  නියමු ව්‍යාපෘතියක වාර්තා අධ්‍යනය කිරීමෙන් පසු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව, සකස් කළ ඉදිරි අට වැදෑරුම් වැඩ පිළිවෙල තුලින් ජල සම්පාදනයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කෙරෙනු ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළකර සිටියි.

අඩු ගුණාත්මක භාවයක් සහිත පානීය ජලය භාවිතා කරන දිවයින පුරා විසිරී සිටින පවුල්වලට ප්‍රමිතියෙන් යුත් මැටි ජල පෙරණ ලබා දීම, ප්‍රජා මූල සංවිධානයන්හි සියලු සාමාජිකයින් සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම, ප්‍රජා හරිත අභිමානී වැඩ සටහන ක්‍රියාත්මක කරීම තුලින් ජල පෝෂක සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම. එක් වසරකට පැළ ලක්ෂය බැගින් ජල මූලාශ්‍ර පිහිටි ප්‍රදේශවල පැළ සිටුවීම හා නඩත්තු කිරීම මූලික කරගත් උප ව්‍යාපෘති රැසක් මෙම වැඩ පිළිවෙල යටතේ සිදු කිරීමට නියමිතයි.

තවද , ප්‍රජා මූල සංවිධාන 1000ක් පරිගණක ජාල ගතකර එහි සියලු කටයුතු නිරීක්ෂණය කිරීම, ආගමික ස්ථාන සඳහා සනීපාරක්ෂක පියසි ඉදිකිරීම, ප්‍රජා මූල සංවිධාන 100 ක සේවකයිනට සිවිල් ඉදිකිරීම්, කාර්මික,ජලනල කාර්මික, විදුලි කාර්මික, ඇතුලු අංශවල විධිමත් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවන් ලබාදීම, ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා වාඩාත් සුදුසු හා ගැලපෙන ජල ආරක්ෂණ සැලසුම් සකස් කිරීම එම අට වැදෑරුම් වැඩ පිළිවෙල යටතේම සිදුකිරීමට නියමිතයි.

පී.සී.හෙට්ටිආරච්චි
මාධ්‍ය ලේකම්


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka