gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුසිල් කනගාටුව ප්‍රකාශ කරයි : “ආචාර්ය උපාධිය කළේ ස්ත්‍රී නිමිත්ත ගැන ද?” – රෝහිණීට ප්‍රශ්නක් (VIDEO)

පසුගියදා පාර්ලිමේන්තු සැසියේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි කවිරත්න මහත්මිය අතර පැවැති උණුසුම් වාදයේදී අධ්‍යාපන අමාතයවරයා අසභ්‍ය වචන භාවිත කිරීම පිළිබඳව මන්ත්‍රීවරියට බැණ වැදුණා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු පිළිබඳව කටයුතු කරමින් සිටි ගුරුවරුන් දෙදෙනකු බීමත් පොලිස් නිලධාරීන් විසින් පහර දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව මන්ත්‍රිවරිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර එයට අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඇය තවදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී කෝප වූ අධ්‍යාපන අමාත්‍යවරයා “මල හු…….. ක් නේ මේ ගෑණි‘……….. යනුවෙන් බැන වදින අයුරු පාර්ලිමේන්තුවේ සජීවි විකාශනයේ ද දැකිය හැකි වුණා.

අද දිනයේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා,

“මේ අවස්ථාවේදී මම ඉතාම ගෞරවයෙන් සඳහන් කරනවා පසුගිය විසිහතර වෙනි සිකුරාදා මෙම ගරු සභාවේ දී මතු වූ සංවාදයකදී ගරු රෝහිනී කවිරත්න මැතිණිය වෙත යම් ආකාරයකින් මගේ ඒ සංවාදයේදී එතුමියට හිත් රිදෙන යමක් කියවුණා නම් මම අතිශයින් කණගාටු වෙමින් එතුමියට ඒ අවස්ථාවේදී එතුමිය එල්ල කරන ලද්දක් නොවන බව ගෞරවයෙන් සඳහන් කරනවා.”

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි කවිරත්න මහත්මිය මෙසේ සඳහන් කළා,

“මට ඔබතුමාගෙන් දැනගන්න ඕනේ දැන් මං අද මගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපේ විපක්ෂ නායක කාර්යාලයෙන් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඒක අද දවසෙන් අයින් කරලා තියෙනවා. මට සැකයක් තියෙනවා ඔබතුමා මෙතුමාගේ මේ ප්‍රකාශය කෙරෙනකන් තමයි මගේ මේක අයින් කරේ කියලා. මම ඔබතුමාගෙන් එකක් අහන්න ඕනේ. විසි හතර වෙනිදා මේ උත්තරීතර යැයි කියපු මේ සභාවේ සභානායක, අධ්‍යාපන ඇමති, කුනුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව ඔබතුමාත්, අගමැතිතුමාත් මෙතන ඉඳගෙන මේක පිළිගන්නවාද? ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තියෙනවද? එහෙම නැත්නම් අපි දන්නවා සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේ මේ වචනයේ තියෙනවා. මට කියන්න බැහැ ඒ වචනය. මොකද මම එතනට වැටෙන්න ලෑස්ති නැහැ. ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කරාට කමක් නැද්ද එවැනි වචන කියන එක මම ඔබතුමාගෙන් අහනවා. මොකද හෙට කාන්තා දිනය ඔබතුමන්ලා ඔක්කොම කාන්තා දිනය සමරන්න යනවා. ඒ වුණාට මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාන්තාවක් කතා කරනකොට එයාගේ ස්ත්‍රී නෙමෙයි එළියට ඇදගෙන ඒක මලද මලද කියනවා. මොකක්ද හැදියාව. මං දන්නේ නෑ මෙතුමාගේ උපාධියේ නිබන්ධනය කරේ ආචාර්ය උපාධිය මේ ස්ත්‍රී නිමිත්ත ගැන ද කියන්න මම දන්නේ නැහැ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka