gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මම වැටුනත් රට වට්ටන්නේ නෑ ජනපති පාර්ලිමේන්තුවට පොරොන්දු වෙයි!

මම වැටුනත් රට වට්ටන්නෙ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදීය.

ඔහු මෙසේද කීය.
 
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බව අර්ථ දක්වන පිරිසක් ඉන්නවා.

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඔවුන් මෙය ප්‍රකාශ කරනවා.”

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩලය වාර්තාව ද වික්‍රමසිංහ මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමට කටයුතු කළේය.

මීට අමතරව ලංකාවට ණය දී ඇති සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් ජනපතිවරයා විවෘතව යොමුකළ ලිපියද ඔහු සභාගත කිරීමට කටයුතු කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka