පුරවිද්‍යා දෙපාර්තමේන්තුව ගවේෂණයක් කර අත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229ක් ජනපති අණින් නිදහස් කෙරේ!
කුරුන්දි අට්ඨකථා ලෙඛණය කළ ලාංකේය ඉතිහාසයේ වැදගත්ම ඓතිහාසික පුදබිමක් වූ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට කෙලවර වූ බටහිර මායිමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 229ක් වහාම නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන් වෙත බාර දෙන ලෙස ජනාධිපතිවරයා ඊයේ ( 22 ) දැණුම් දී තිබේ.
මෙම ඉඩම් පිහිටා ඇත්තේ මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ ය.
මේ සම්බන්ධයෙන් වූ ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුලතිව් දිසාපතිවරයටත් පළතේ පුරා විද්‍යා සහකාර කොමසාරිස්වරයා වෙතත් එවා ඇත.
පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා ගෙන තිබූ එම අක්කර 229 ක භූමිය මැණුම් කටයුතු සිදු කිරීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මිනින්දෝරු නිලධාරීන් කැඳවා තිබූ අතර එම මැණුම් නියෝගයද ජනාධිපතිවරයා විසින් නවතා දමන ලෙස නියෝග කොට තිබේ.
පුරා විද්‍යා නිලධාරීන් විසින් කාර්යාලයක් පිහිටුවා බුදු මැදුරක් ස්ථාපිත කිරීම පිණිස බුදු පිළිමයක් රැගෙන ගිය අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඊට එරෙහිවී විරෝධය පලකිරීම නිසා බුදු පිළිමය පොලීසියේ තැන්පත් කිරීමට සිදු වූයේද මේ ඉඩම් ආසන්නයේ සිදු වූ එම සිදු වීම නිසාය.

දිනසේන රතුගමගේ
පුරවිද්‍යා දෙපාර්තමේන්තුව ගවේෂණයක් කර අත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229ක් ජනපති අණින් නිදහස් කෙරේ!
2023-03-23T11:51:00+05:30
Lanka Hot News