පසුගිය දා ඉන්දියාවේ පැවැති G -20 රාජ්‍ය නායක සමුලුවට ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉන්දියාව බලා පිටත්ව යද්දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ලංකාවට පැමිණීමේ සිද්ධියක් මුල් කරගෙන තානාපති අංශ අතර විශාල කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ලංකාවේ විදේශ අමාත්‍යවරයකු ඉන්දියාවේ ඉහළ පෙළේ සමුලුවකට සහභාගී වූ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙයය.
එහිදී සාමාන්‍ය සම්ප්‍රදාය වනුයේ රටක විදේශ අමාත්‍යවරයා එරටට පැමිණෙන්නේ නම් ඒ රට නියෝජනය කරන තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපොළට පැමිණීමය.
නමුත් අලි සබ්‍රි මහතා ඉන්දියාවට පැමිණෙන විට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ලංකාවට පැමිණ සිටීම නිසා සබ්‍රි මහතා පිළිගැනීමට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සාමාන්‍ය නිලධාරියකු බව පැවසේ.
මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මීට දින කිහිපයකට ඉහතදී ඉංග්‍රීසි පුවත්පතකට ලබා දී තිබූ යම් ප්‍රකාශයක් මිලින්ද මොරගොඩ මහතාගේ කෝපයට හේතුවී ඇති බවක් දැනගන්නට තිබේ.
ඒ හේතුව මතද, නැතිනම් වෙනත් හේතුවක් නිසාද යන්න නොදන්නා නමුත් මේ සිදුවීම තානාපති ක්ෂේත්‍රයේ මහත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ඇත.