හොරකම් නතර කළ විට රට දියුණු වන්නේ යයි ජනකාන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් වෙමින් ඇතැයි හතළිස් තුන් වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
හොරු අල්ලා 60 වසරක් ගතවුවද කියුබාව තවමත් දිගු පෝලිම් සහිත දුප්පත් රටක් බව හෙතෙම පෙන්වා දෙයි.
බලය ලබාගත් පසු රට දියුණු ඇතැයි කියන විපක්ෂයේ නායකයන් ඉතා සංකීර්ණ ගැටළු සඳහා සරල විසඳුම් යෝජනා කරන ජනකාන්ත වාදී දේශපාලනයට ඇද වැටී ඇති බව ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
විපක්ෂයේ එත් නායකයෙකු ගැඹුරු ඉංග්‍රීසියෙන් ජාත්‍යන්තරය අමතා විදේශ සංචිත ගෙන එන බව කියන අතර තවත් විපක්ෂයේ නායකයෙකු මැති ඇමති වරප්‍රසාද කපා විදෙස්ගත ශ්‍රමිකයන් දිනාගෙන වැඩිපුර ඩොලර් ගෙන්වාගෙන රට දියුණු කරන බව කියන්නේ යැයි ද කියා සිටි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
