ශ්‍රී පාද වන්දනාවක ගිය බැතිමතුන් හතර දෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
මොවුන් මෙසේ මරණයට පත්ව ඇත්තේ ආහාර විසවීමක් හෝ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් විය හැකි බවට සැක මතු වන්නේ යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
මෙසේ ශ්‍රී පාද වන්දනාවේ ගිය තවත් පුද්ගලයින් දසදෙනෙකු රෝගී වී නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද රෝහණ පැවසුවේය.
මිය ගිය පුද්ගලයින් සහ රෝගාතූර වූ පුද්ගලයින් ආහාරගත් ස්ථානයන්ගේ ආහාර සාම්පල මේ වන විට පරික්ෂාවට ලක් කර ඇති බවද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් ශ්‍රී පාද වන්දනාවේ හෝ වෙනත් වන්දනාවක, විනෝදචාරිකාවක ගිය පුද්ගලයින් අතර උණ , ඔක්කාරය, වමනය, හිසරද , බඩේ අජීර්ණය වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නැයිද සංගමය මහජනතාවට දැනුම් දෙන අතරම නිවසින් බැහැරව දුරබැහැර ගමන් බිමන්වල යෙදෙන්නේ නම් නිවසේ පිළියල කළ ආහාර හා උතුරුවා නිවාගත් ජලය රැගෙන යාමට කටයුතු කරන්නැයිද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ නමුත් පිටතින් ආහාරපාන මිලදී ගන්නේ නම් හොදින් ඇසුරුම්කර ඇති ඒවා හා කල්ඉකුත්වන දිනයන් පිලිබඳව අවදානය යොමුකරන්නැයිද ඉල්ලා සිටියි.
