පළාත් පාලන මැතිවරණයට වෙන්කරන ලද මුදල් රඳවාගැනීම අත්හිටුවමින් අතුරු තහනම් තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ශ්‍රේ්ෂ්ඨාධිකරණය විසින් ලබාදුන් එම නියෝගය හරහා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමනාත් දොලවත්ත මහතා හරහා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමෙන් මෙම උත්සාහය දියත් වන බවත් හෙතෙම පැවසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සඳහන් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගය නිසා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට හානියක් සිදුවන බවයි.
මෙම නියෝගය අනුව ඕනෑම පුද්ගලයෙකුට ඊළඟ අදියරේදී අයවැයේ ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් අධිකරණයට යාමට හැකි තත්ත්වයක් මතුව ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අධිකරණ නියෝගය පරිදි මැතිවරණය සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඊට එරෙහිව යළිත් අධිකරණය හමුවට යන බවයි.
