වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වන එම ධුරයට කිසිවකු හෝ නම් කර ඇත්දැයි අසා පොලිසියේ බොහෝ දෙනකු තමාට ඇමතුම් පිට ඇමතුම් ගන්නා බව හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ පවසයි.
පොලිස්පතිවරයා තෝරාපත්කර ගන්නේ තමා නොව ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව බවත් ජනාධිපතිවරයා කීර්තිමත් නිලධාරියකු පත්කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් හිටපු ජනාධීපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොනරාගල පැවති ජනහමුවේදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ප්‍රජා පොලිස් සේවයේ අවශ්‍යතාවත් අද තදින්ම දැනෙන කාලයක්. හැබැයි පොලිසියේ අය නම් මට නිතරම මේ දවස්වල කෝල් කරන්නේ අලුත් පොලිස්පති කෙනෙක්ට සර්ගෙ කැමැත්ත දුන්නද කියලා අහන්න. පොලිස්පති පත් කරන්නේ මම නෙවෙයි. ව්‍යවස්ථා සභාව. ජනාධිපති හොඳ නමක් තෝරලා ව්‍යවස්ථා සභාවට යවයි. එහෙම නැතිනම් මේ ඉන්න පොලිස්පති තවත් ටික කාලයක් තියාගනියි.
මම හිතන්නේ නැහැ ජනාධිපති නරක කෙනෙක් පොලිස්පති කරයි කියලා. දූෂිත නැති අපරාධකරුවන් එක්ක සම්බන්ධකම් නැති නීතිය හා සාමය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් හොඳ නිලධාරියෙක් ජනාධිපතිතුමා රටට දේවි. ඒ නිසා ඔය එක එක නම් එළියට ආව ගමන් බයවෙලා අපට කතාකරන්න එපා. යැයිද ඔහු කීවේය.
– Aruna
