හෙට මොනරාගලින් මහින්ද අගමැති සටන අරඹයි! ශෂීන්ද්‍ර දිස්ත්‍රික් සමුලුවක් සූදානම් කරයි! රට වටේ යන්න තීන්දුයි!
නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් සමුලුවට සහභාගී වීමට නියමිතය.
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක රාජපක්ෂ පවුලේ නැගනියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් අගමැති ධූරය ලබා ගත යුතු බවට සාකච්ඡාවක් සිදුවී ඇති බවක් දැනගන්නට තිබේ.
එහි ප්‍රතිපලයක් ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම මොනරාගල දිස්ත්‍රික් සමුලුව සංවිධාන කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර පවත්වන ප්‍රචාරක රැලියක් ලෙස මෙය සංවිධාන කොට ඇති බවත්, අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් මෙම සමුලු සංවිධාන කිරීමට පොහොට්ටුව තීන්දු කොට ඇති බවත් දැනගන්නට ඇත.
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක රාජපක්ෂ පවුලේ නැගනියකගේ කොළඹ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වී ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් අගමැති ධූරය ලබා ගත යුතු බවට සාකච්ඡාවක් සිදුවී ඇති බවක් දැනගන්නට තිබේ.
එහි ප්‍රතිපලයක් ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම මොනරාගල දිස්ත්‍රික් සමුලුව සංවිධාන කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර පවත්වන ප්‍රචාරක රැලියක් ලෙස මෙය සංවිධාන කොට ඇති බවත්, අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් මෙම සමුලු සංවිධාන කිරීමට පොහොට්ටුව තීන්දු කොට ඇති බවත් දැනගන්නට ඇත.
හෙට මොනරාගලින් මහින්ද අගමැති සටන අරඹයි! ශෂීන්ද්‍ර දිස්ත්‍රික් සමුලුවක් සූදානම් කරයි! රට වටේ යන්න තීන්දුයි!
2023-03-11T14:27:00+05:30
Lanka Hot News