අඛණ්ඩ වර්ජනයකට අපි එකග නෑ.. සෞඛ්‍ය අඛණ්ඩ වර්ජනයකට කොහොත්ම එකග නෑ – GMOA මූණටම ලාල් කාන්ත කියයි (VIDEO)
15 වැනිදා සිදු කරන වැඩ වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පරිපාලන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
පහළොස් වැනි දා ගන්නා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් පාලකයන්ගේ ප්‍රතිචාර මැන බලා ඉන් අනතුරු වත්තීය ක්‍රියාමාර්ග ගැනීම වඩා සුදුසු බව ද හෙතෙම පෙන්වා දෙයි.
සෞඛ්‍ය සේවයේ අඛණ්ඩ වැඩ වර්ජනයකට තම පක්ෂයේ කෙසේවත් කැමති නැති බව ද හෙතෙම කියා සිටී.
ජනතාව සහ වර්ජකයන් ගැටෙන තැනකට තල්ලු කිරීමට පාලකයන්ට ඉන් ලොකු ඉඩක් ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.
වැඩ වර්ජනයක නිරත වෘත්තිය සමිති එකමුතුව විසින් කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක දී ඔහු මෙම අදහස් පළ කළේය.
අඛණ්ඩ වර්ජනයකට අපි එකග නෑ.. සෞඛ්‍ය අඛණ්ඩ වර්ජනයකට කොහොත්ම එකග නෑ – GMOA මූණටම ලාල් කාන්ත කියයි (VIDEO)
2023-03-14T10:40:00+05:30
Lanka Hot News






