gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටවල් 197ක් එක්වී ශ‍්‍රී ලංකාවට එරෙහි තහනමක් පනවති!

රටවල් 197 ක් අද දින ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවීමට සහාය පලකරමින් ජන්දය ලබා දී ඇත. ලෝක පාපන්දු සම්මේලනයේ මහාසභා රැස්වීම රටවල් 208 ක සහභාගීත්වයෙන් රුවන්ඩාවේ කිගාලි අගනුවරදී පැවැත්වූ අවස්ථාවේදී මෙසේ ශ්‍රී ලංකාවට එරෙහි තහනම සම්මත විය.

රටවල් 197 ක් එම තීරණයට එළඹුනේ, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම,අත්තනෝමතික ලෙස නවරෙගුලාසි පැනවීම , සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකගවුනු නිලවරණමාර්ග සිතියම ඒක පාර්ශවිකව කඩ කිරීම වැනි කරුණු සලකා බලාය.

ලෝකයේ බොහෝ රටවල් ක්‍රීඩාව සඳහා තමන්ගේ නීති රීති, මානව හිමිකම් කටයුතු ආදිය බොහෝ දේවල් වෙනස් කරගෙන යන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව ක්‍රීඩාවට අනුකූල නොවන නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කණගාටුදායක බව බොහෝ රටවල් සිය කනස්සල්ල පල කර ඇත.

IMF වැනි ජාත්‍යන්තර ආයතන යහපත් සහ ස්වාධීන පාලනය, මානව හිමිකම් ආරක්ශා කිරීම වැනි ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන මෙවැනි වකවානුවේ, ක්‍රීඩාවේ ස්වාධීනත්වය දේශපාලන අරමුණ හරහා පවත්වාගෙන යාමට ශ්‍රීලංකව ගෙනයන උත්සාහය ලෝක ප්‍රජාව විසින් හෙලා දැක තිබෙනවා.

මෙම ජාත්‍යන්තර පාපන්දු තහනම නිසා ශ්‍රී ලංකාවට 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ආසියානු කුසලාන තරග දකුණු ආසියානු කුසලාන තරග පවා අහිමිවී ඇත.

එසේ සිදු වුවහොත්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අවුරුදු 4 කට ලෝක කුසලාන තරඟ අහිමි වන අතර මීළඟ සුදුසුකම් ලැබීමේ තරග නැවත ලැබෙන්නේ 2027 වසරේදීය.


මීට අමතරව , රටවල් 211 සඳහා පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන ගනන් ලංකාවට අහිමි වී ඇත.මෙවර ලෝක පාපන්දු සම්මේලනයට වාර්තාගත ආදායමක් ලෙස ඩොලර් බිලියන 7.6 ලැබී තිබේ.


මේ සමඟ රටවල් වලට දීමට තිබෙන ආධාර 30% කින් වැඩි කිරීමට අද අනුමැතිය ලැබී තිබුණි. මෙම ආධාර ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ රටවල් දෙකට අත්හිටුවා තිබේ.

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka