IMF ණය ලැබුණු ගමන් ජපානෙයන්, ඉන්දියාවෙන්, ඇමෙරිකාවෙන්, චීනයෙන් තවත් ණය ගන්නවා..- ජනාධිපති උපදේශක
රට අරාජික වූයේ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්ගේ වැරදි උපදෙස් නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරයි.
නුදුරේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ගැනීමට හැකියාව ලැබෙන බවත් එවිට තවත් රටවල් ගණනාවක් ලංකාවට උදවු කිරීමට සූදානම් වී සිටින බවත් හෙතෙම පැවසීය.
ජපානය, ඉන්දියාව, ඇමෙරිකාව, චීනය වැනි රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට ආධාර දීමට බලාගෙන සිටින බවත් ත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබුණු පසු එම සහයෝගීතාවය ලැබෙනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
IMF ණය ලැබුණු ගමන් ජපානෙයන්, ඉන්දියාවෙන්, ඇමෙරිකාවෙන්, චීනයෙන් තවත් ණය ගන්නවා..- ජනාධිපති උපදේශක
2023-03-03T16:42:00+05:30
Gossip Lanka Hot News






