gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමෙරිකා ඉහලම ලොක්කෙක් රහසේ ඇවිත්.. ලංකාවට භයානක යෝජනා හතරක්.. චීනය, ඉන්දියාව, රුසියාව රටවල් තුනම කිපෙයිලු..

පෙබරවාරි 14 දා ලංකාවට රහසිගතව පැමිණි ඇමෙරිකානු දූත පිරිස අතර ඇමෙරිකානු සීඅයිඒ සංවිධානයේ ප්‍රධානී විලියම් බර්න්ස් ද සිටි බවට නොනිල තොරතුරු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
සීඅයිඒ ලොක්කා ලංකාවට රහසින් ඇවිත්

පෙබරවාරි 14 දා ග්ලෝබ් මාස්ටර් ගුවන් යානා දෙකකින් ලංකාවට රහසිගතව පැමිණි ඇමෙරිකානු අමුත්තන් කවුදැයි තවමත් අබිරහසක්. ඒ අය ආගමන විගමන හෝ රේගු නිලධාරින්ගේ පරික්ෂාවට ලක් වෙන්නේ නෑ. ලංකාවට ඇතුළු වුණු බවට ගමන් බලපත්‍රවල සටහන් කරන්නේ නෑ. රට ඇතුලට එන්නේ ඇමතිවරයෙකුටත් යෑමට වරම් නැති සුවිශේෂ ප්‍රභූ පර්යන්තය හරහා. කොළඹ කරා ඔවුන් පැමිණෙන විට ඉතිහාසයේ කවදාවත් නැති විධියට අධිවේගි මාර්ගය අන් අයට වසා දමනවා. එහෙම පැමිණෙන මේ දූත පිරිස පැය විසි හතරක්වත් ලංකාවේ ඉන්නෙත් නෑ. රාජ්‍ය නායකයෙකුටවත් නොලැබෙන වරප්‍රසාද සහිතව ලංකාවට ආවේ කවුදැයි අදටත් අබිරහසක්. මේ අය කවුදැයි කියන්න ලංකාණ්ඩුවවත් ඇමෙරිකානු තානාපති කාර්යාලයවත් ඉදිරිපත් වෙන්නේ නෑ. නමුත් අපට තිබෙන නොනිල තොරතුරු අනුව එදා රහසේ ලංකාවට ඇවිත් තිබෙන්නේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවය වන සීඅයිඒ සංවිධානයේ ප්‍රධානියා විලියම් බර්න්ස්.

ඇමෙරිකාවෙන් ලංකාවට භයානක යෝජනා හතරක්

පැමිණියේ කවුද කියන එකටත් වඩා වැදගත් වන්නේ ආවේ කුමකටද කියන එකයි. මේ දූත පිරිස ජනාධිපති, ආරක්ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානි හමු වී තිබෙනවා. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන භයානක යෝජනා හතරක් ඉදිරිපත් කර තිබෙනවා. පළමු යෝජනාව වන්නේ ලංකාවට ලැබෙන බුද්ධි තොරතුරු සියල්ලම ඇමෙරිකාව සමග බෙදා ගන්නා බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි. ඇමෙරිකාව වගේ බෙදුම්වාදින්ට හිතවත් රටවලට නායකත්වය දෙන රටකට අපට ලැබෙන බුද්ධි තොරතුරු ලබා දීම ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීමක්.මේක වසර විස්සකට වඩා පැරණි යෝජනාවක්. 2002 දී වත්මන් ජනාධිපතිතුමා අගමැති තනතුරේ සිටිය දී මෙම ව්‍යාපෘතිය පටන් ගන්නේ සීඅයිඒ සංවිධානයෙන් ලංකාවට ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස ආචාර්ය ටොම් බ්‍රමන් එවීමෙන්. අපේ ආරක්ෂක ප්‍රධානින්ගේ දැවැන්ත විරෝධය තිබුණත් ව්‍යාපෘතිය ඉදිරියට යනවා. ඒ අතරේ ආණ්ඩුව පෙරලීමෙන් තමයි මෙම ව්‍යාපෘතිය නවතින්නේ.

ඇමෙරිකාවේ දෙවන යෝජනාව තමයි ඔවුන්ගේ biometric immigration control system ජීවදත්ත ආගමන පාලන පද්ධතියක් තෑග්ගක් ලෙස ලංකාවේ ගුවන් තොටුපොල වලට ලබා දීම. නමුත් ඒ දත්ත බැංකුවට ඇමෙරිකාවට ප්‍රවේශ අයිතිය දෙන්න ඕනි. ඒ අනුව ලංකාවට එන යන සියළුම දෙනාගේ ඇඟිලි සලකුණු ඇසේ සලකුණු සහ හිසකෙස් රටාව කියන අතිශයින්ම සුවිශේෂී දත්ත ඇමෙරිකාවට ලැබෙනවා.

මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ගියොත් චීනය ඉන්දියාව සහ රුසියාව අපත් සමග අමනාප වෙන්න පුලුවන්. ඒ වගේම අපට වැඩියෙන්ම සංචාරකයින් එන ආයෝජකයින් එන රටවල් තුනක් තම පුරවැසියන් ලංකාවට එවීමට අකැමැති වුණොත් එය විදේශ විනිමය අර්බූදය උග්‍ර කරවන්නක්.

ජාත්‍යන්තර දුරකතන ඇමතුම් වගේම දත්ත හුවමාරුව සිදු වන්නේ මුහුදු යටින් දුවන විදුලි සංදේශ රැහැනක් නැතිනම් submarine telecommunication cable හරහා. මේ රැහැනේ යන දත්ත ලබා ගන්න දුරකතන ඇමතුම් වලට රහසේ සවන් දෙන්න අවශ්‍ය පහසුකම් ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ලංකාවට ඇති ත්‍රස්ත තර්ජන පිලිබඳ කල් තියා අනතුරු ඇඟවීමේ වගකීම ඇමෙරිකාව භාර ගන්නවාලු. 2001 දී ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාවට එල්ල වීම පිලිබඳ මෙලෝ හසරක තොරතුරක් කලින් ලබා ගන්න බැරි වුණු සීඅයිඒ සංවිධානය ලංකාවට ඇති ත්‍රස්තවාදි අනතුරු පිලිබඳ කලින් දැනුම් දීමේ වගකීම භාර ගැනීම මේ වසරේ ලොකුම විහිළුව බවට පත් වෙන්න පුලුවන්.

ඇමෙරිකාවේ සිව්වන යෝජනාව තමයි 2017 දී රනිල් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් අත්සන් කරන්න හැදූ අපේ මැදිහත්වීමෙන් හකුලා ගන්න සිදුවුණු සෝෆා ගිවිසුම Status of Forces Agreement අත්සන් කිරීමයි. මේ සම්බන්ධයෙන් නම් ජනාධිපතිතුමා ස්ථිර වචනයක් ලබා දීලා නෑ කියලායි අපට ආරංචි. නමුත් ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න පොරොන්දු වුණාලු. මොකද 2017 කරන්න ගිහිල්ලා වින්ද දුක් ගැහැට එතුමාට සිහිපත් වෙන්න ඇති.

ඇමෙරිකා එක්සත් ජනපදය හැමදාමත් අපේ සතුරන්ගේ පිලේ සිට ගත් අපේ ඓතිහාසික සතුරෙක්. එවැනි රටකට අතිශයින්ම සංවේදි බුද්ධි තොරතුරු ලබා දීම වගේම ලංකාවට එන යන පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා දීම ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක හෙලීමක්. ලංකාවට පැනමාවේ ඛේදනීය ඉරණම අත් කරදීමට අඩිතාලම යෙදීමක්.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය ‍

පැෆරල් සංවිධානය කියනවා මැතිවරණය සඳහා මේ වන විට අති විශාල මුදලක් වියදම් කර තියෙනවා කියලා. එහෙමනම් දැන් මැතිවරණ නොපැවැත්වීම හරහා එම මුදල් නාස්තියක් වෙනවා නේද ?

පිළිතුර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව රටේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට. මුදල් නාස්තියක් වෙනවා නම් එහි වගකීම වෙන කවුරුවත් නෙවෙයි රටේ ජනාධිපතිවරයා බාරගත යුතුයි. මුදල් ලබාදෙන මුදල් අමාත්‍ය ධූරය තිබෙන්නෙත් ජනාධිපතිවරයා අතේ.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් දෙහිවල ආසන සංවිධායක අජන්ත ද සිල්වා යන මහත්වරුන්ද එක් විය.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka